හික්කඩුව මුහුදේ ගිලුනු රුසියානු දරුවා පොලිසිය බේරාගනි

හික්කඩුව නාරිගම මුහුදේ දියනෑමට ගිය රුසියානු ජාතික කුඩා පිරිමි දරුවෙකු රළ පහරකට හසුව ගසාගෙන යද්දී පොලිස් ජීවිත ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු එම දරුවා අද (08) නිරුපද්‍රිතව බේරාගත් බව පොලිසිය පවසයි.

නාරිගම පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් කරුණාරත්න සහ පොලිස් කොස්තාපල් හුලංගමුව යන මහත්වරුන් විසින් මෙම දරුවා බේරාගෙන තිබේ.

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම රුසියන් ජාතික කාන්තාව ඇයගේ හත් හැවිරිදි පිරිමි දරුවා ද සමඟ අද දහවල් නාරිගම මුහුදේ නාමින් සිටින අතරවාරයේ එම දරුවා රළ පහරකට හසුවී ගසාගෙන යද්දී මව ආධාර ඉල්ලා කෑ ගසා ඇත.

මේ අවස්ථාවේ මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටි මෙම ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී මුහුදට පැන පිහිනා ගොස් ගසා ගෙන යමින් සිටි දරුවා බේරාගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply