මෝටර් රථයක් දුම්රියක ගැටී එක් අයකු මරුට

මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් අද (05) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

කඹුරුගමුව බොරාල මාර්ගයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාරගයකදී මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මෝටර් රථය ගැටී මෙම අනතුර සිදුව ඇත.

කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply