තුර්කී – සිරියා භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි

සිරියානු දේශසීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද (06) බලපෑ දරුණු භුමිකම්පා මාලාවෙන් මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ 3000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බව එම වාර්තා සඳහන් කළේ ය

මේ වන විට නිල වශයෙන් තුර්කියේ මරණ 1498ක් සහ සිරියාවේ මරණ 783ක් වාර්තා වන බවත් එම සංඛ්‍යාව ප්‍රාදේශීය වශයෙන් තවත් වැඩිවිය හැකි බව නිල නොවන වාර්තා සඳහන් කළේ ය

මේ වන විටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සහන සේවකයන් අඛණ්ඩ මෙහෙයුම්වල නිරත ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

7.9ක ප්‍රබල භූමිකම්පාවක්

BREAKING තුර්කියේ තවත් ප්‍රබල භූමිකම්පා මාලාවක්

Werzuo Digital

One thought on “තුර්කී – සිරියා භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි

Leave a Reply