නාන්න ගිය එකම පවුලේ තිදෙනකු ජල රකුසාට බිලි

විනෝද චාරිකාවක් ගොස් හලාවත මෝය කටේ දියනෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 7ක් වු දියණිය, අවුරුදු 6ක් වු පිරිමි දරුවා හා 35 හැවිරිදි පියා බවද පොලිසිය පවසයි.

බෝට්ටුවෙන් හලාවත මෝය කට දක්වා ගොස් ඇති එම පිරිස පසුව බෝට්ටුවෙන් බැස එම ස්ථානයේ නෑමට ගිය අවස්ථාවේ දී මෙලෙස දියේ ගිලී ඇත.

ඔවුන්ගේ මෘත ශරීරය මේ වනවිට සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.

Werzuo Digital

Leave a Reply