ඉංජිනේරුවාගේ නොසැලකිල්ල ජිවිතයක් බිලිගනි

කැබ් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් අද (05) සිදුවු අනතුරකින් යතුරපැදිකරුගේ හිසට බරපතළ තුවාල සිදුවි එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 56 හැවිරිදි කාලියම්මහර පදිංචි ව්‍යාපාරිකයෙකි

සිවිල් ඉංජිනේරුවරයා පැදවූ කැබ් රථය කොළඹ සිට කැස්බෑව දෙසට ධාවනය කිරීමේදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදිය සිරිමංගල වත්ත දෙසට අතුරු මාර්ගය ඔස්සේ යොමු කිරීමේදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ

ඉංජිනේරුවරයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.

අත් අඩංගුවට ගත් සැකකාර සිවිල් ඉංජිනේරුවරයා කැස්බෑවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Werzuo Digital

Leave a Reply