නානුඔය අනතුරින් මියගිය එකම පවුලේ පස් දෙනා අවසන් ගමන් යයි

නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ මාරක රිය අනතුරින් මියගිය හැටන් දික්ඔය නගරයේ පදිංචි එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු අද (22) අලුයම හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදි සිදුකෙරිණි.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදුකළ විශේෂ යාඥාවකින් පසුව මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකළ අතර අවසන් ගෞරව දැක්විම සඳහා ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වූහ.

එම වෑන් රථයේ එකම පවුලේ ඥාතින් දස දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබු අනෙකුත් සිව්දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය අය සිහි කරමින් හැටන් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් ඊයේ (21) දින වසා දමා සුදු කොඩිවලින් සරසා තිබුණි.

එම අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි තරුණයාගේ සිරුර හැටන් කුඩාගම ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දිනේෂ්ගේ අවසන් කටයුතු හෙට (23) කුඩාගම පොදු සුසාන භුමියේදි සිදුකිරීමට නියමිතය.

Werzuo Digital

Leave a Reply