මෝදර ගින්නකින් බෝට්ටු හතක් විනාශයි

අද (11) අලුයම හටගත් ගින්නකින් මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබෙන බව පොලිසිය පවසයි.

ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී තිබෙන අතර හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.   

Werzuo Digital

Leave a Reply