නිවසක් ලබාදෙන බව පවසා විදේශිකයෙකුගෙන් මිලියන 15 ක් වංචා කරලා

අලුත්ගම පිහිටි නිවසක් බ්‍රිතාන්‍ය ජාතිකයකුට පෙන්වා එම නිවස ඔහුට ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 15.5 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම කළුවාමෝදර පදිංචි 57 හැවිරිදි අයෙකි.

මෙම සැකකරු නිවස පෙන්වා මුදල් ලබාගෙන නිවස ලබානොදී මූල්‍ය වංචාව කර ඇති බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Werzuo Digital

Leave a Reply