කොටියන් රාත්‍රියේ කඳුකරයේ හොල්මන් කරයි

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති.

රාත්‍රියට නිවාස ආසන්නයටම පැමිණෙන  කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්‍රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද වාර්තාවේ.

මේ පිළිබදව එම ප්‍රදේශයේ නිවසියන් ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති අතර, තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් එම ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.

Werzuo Digital

Leave a Reply