පරිගණක කොටස් මිලදි ගෙන ලක්ෂ 53ක් වංචාකල සැකකාර යුවළක් අත් අඩංගුවට

ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පරිගණක අලෙවි සලකින් පරිගණක අමතර කොටස් ලබාගෙන රුපියල් ලක්ෂ 53ක් වංචා කිරිම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය පදිංචි අඹුසැමි යුවලකි.

සැකකාර යුවල කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටියදි මෙම ආයතනයෙන් චෙක්පත් ලබාදි පරිගණක අමතර කොටස් ලබාගෙන ඇති අතර චෙක්පත් බැංකු ගත කලවිට ඒවා අගරුවිම නිසා පොලිසියට පැමිණිලිකර ඇත.

ඒ අනුව සොයා බැලිමේදි ඔවුන් කොළඹ පදිංචිය අතහැර වැල්ලවාය ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් වැල්ලවායට ගොස් අත් අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply