ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස මඩුවක් තුල අද (04) අලුයම ගිනිගෙන එහි සිටි පුද්ගලයෙකු පිළිස්සි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුගොඩ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.
රෝගි තත්වයකින් පෙලි ඇති මෙම පුද්ගලයා නිවස ආසන්නේ මඩුවක තනියම ජිවත්ව ඇති අතර අද උදෑසන නිවෙස් හිමි කාන්තාව බලනවිට මඩුව ගිනිගෙන ඔහු ඇඳ මතම මියගොස් සිටිනු දැක පොලිසියට දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යන ලැබේ.