උණවටුන හෝටලයක සිටි විදේශිය කාන්තාවන් තිනෙකෙුගේ ඩොලර් සොරකම් කරලා

උණවටුන යද්දෙහිමුල්ලේ සංචාරක හෝටලයක නතරව සිටි රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙකුගේ ඩොලර් 15000ක් පමණ සොරකම් කර ඇති බවට පැමිණිලි ලැබි ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙම කාන්තාවන් තිදෙනා එක ලඟ කාමර තුනක නතරව සිටි ඇති බවත් ඔවුන්ගේ කාමරවල සේප්පුවල තිබු ඩොලර් සොරකම් කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා හබරාදුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply