වාහන ලියාපදිංචිය සහ අංක තහඩු ගැන අලුත් තීරණයක්

වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ පිටු 11 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ලිපිගොනුව පිටු දෙකක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ලිපි ගොනුව ලබන ජනවාරි 1වනදා සිට භාවිතා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

එම ලිපි ගොනුවේ සංකීර්ණ බව පිළිබඳව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සහ කඩදාසි සම්බන්ධය රට මුහුණ දී සිටින ගැටළුව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වෙනස කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙන අතර ඒ අනුව නව වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නොවන බව සඳහන්.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබු අතර මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ

Werzuo Digital

Leave a Reply