ගාල්ල දිස්ත්‍රික්කයේ නාය යන තැන් 10 හඳුනාගනි

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10කට අයත් බල ප්‍රදේශ නාය යැමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙසට නම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ගාල්ල මහ නගර සභාව සහ අක්මිමණ, බද්දේගම, ඇල්පිටිය, ඉමදුව, නාගොඩ, නෙළුව, නියාගම, යක්කලමුල්ල සහ තවලම යන ප්‍රාදේශිය සභා එසේ නම්කර ඇති පළාත් පාලන ආයතනවන බව එම කාර්යාලය පවසයි.

මෙම ප්‍රදේශවල සිදු කරන කවර ඉදිකිරිමක් හෝ ව්‍යාපෘතියක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භුමි යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශිය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානින් වෙත චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ යෝග්‍යතා සහතිකයකින් තොරව කවර හෝ ඉදිකිරිමක් සඳහා අනුමැතිය ලබා දි ඇත්නම් එම අනුමැතිය ලබා දිමට කටයුතු කල නගරාධිපති, සභාපති, ලේකම්වරයා ඇතුළු අනුමත කිරිමේ කමිටුව සහ ව්‍යාපෘති අනුමත කරන්නාවු බලධාරින් පෞද්ගලිකවම වගකිව යුතුවනු ඇති බවද එම චක්‍ර ලේඛයෙහි සඳහන්වේ.

Werzuo Digital

Leave a Reply