ශ්‍රි ලංකාව දැනුමෙන් පෙරට

ගෝලීය දැනුම් දර්ශකය හෙවත් GLOBAL KNOWLEDGE INDEX හි 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන තිබෙන බව එම අඩවිය සදහන් කළේය.

මෙම දර්ශකයේ 79 වැනි ස්ථානය ලබා ගෙන ඇති ශ්‍රී ලංකාවට ලකුණු 43.4 ක් ලබා දී ඇත.

මෙම දර්ශකයේ පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය ලකුණු 68.37 ලබා ගනිමින් හිමිකර ගෙන ඇත. දෙවන ස්ථානය ලකුණු 68.28 ක් ලබා ගනිමින් ස්විට්සර්ලන්තයත් ලකුණු 66.96 ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ස්වීඩනයත් ලබා ගෙන තිබේ.

මෙම දර්ශකයේ ඉන්දියාවට 91 වැනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 41.52 කි. 

මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් දැනුම පදනම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අධ්‍යාපනය, නවෝත්පාදන, දැනුම, ආර්ථිකය, තාක්‍ෂණය සහ පර්යේෂණ, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර පදනම් කරගනිමින් රටවල් පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුව ගෝලීය දැනුම් දර්ශකය වේ.

Werzuo Digital

Leave a Reply