2021 වසරේ මෙරට ලක්ෂ 24ක ජනතාවක් දුප්පත් වෙලා

පවතින අර්බුදය හමුවේ 2021 වසර තුළ මෙරට ජන ගහණයෙන් ලක්ෂ 24කට අධික පිරිසක් දුගීභාවයට පත් ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සමාජය නවතම සමීක්ෂණ වාර්තාවක සදහන් කර තිබේ.

වර්තමාන අර්බුදය හමුවේ මෙරට ජනගහණයෙන් 11%ක් පමණ එනම් 24 ලක්ෂයකට අධික පිරිසක් පසුගිය 2021 වසර තුළ දුගීභාවයට පත්ව ඇති බව එහි දැක්වේ.එහි සඳහන් වන්නේ, වඩාත් දුගී පවුල්වල ආදායමෙන් අඩක් පමණ අර්බුදය ආරම්භයේදීම අහිමි වී ඇති බවය.

එම පවුල් සිය වත්කම් විකිණීමටත්, ණයගැති වීමටත් පෙළඹී ඇත අතර සිය ආහාර වේල් කපා හැරීමටත් දරුවන්වන්ගේ පාසල් ගමන් නතර කිරීමටත් පියවර ගෙන ඇති බවද එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම මෙරට ජනගහණයෙන් 26% ක් එනම් පුද්ගලයින් 57 ලක්ෂයකට පමණ මානුෂීය ආධාර අවශ්‍ය බවත් එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම මෙරට මිලියන 5ට අධික ජනතාවක් අහාර අවශ්‍යතාවයෙන් පෙළෙන බවද එම කාර්යාලය පවසයි.

එමෙන්ම කෘෂිකාර්මක ජනතාවයෙන් මිලියන 3.45ක අධික සංඛ්‍යාවකට මෙම අර්බුදය දැඩිව බල පා ඇති අතර, පෝෂණ අවශ්‍යතා සහිත ජනගහණය මිලියන2.43ක් සහ අත්‍යාවශ්‍ය ඖෂ්‍ය අවශ්‍ය ජනගහණය මිලියන 2 කට ආසන්න බවද එම වාර්තාවේ සඳහන් වේ.

Werzuo Digital

Leave a Reply