ගාල්ලේ කෝටියකට අධික සොරකම පැය කිහිපයක් තුල ඇල්ලු පොලිස් නිලධාරීන්ට ඇගයීමක්

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ ප්‍රදර්ශණාගාරයක් බිඳ රුපියල් එක් කෝටි දස ලක්ෂ අනු දෙදහසක් පමණ වටිනා ජංගම දුරකතන පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණ තොගයක් සොරකම් කරන ලද සැකකරුවෙකු පැය කිහිපයක් ඇතුලත ඊයේ සවස (20) අත්අඩංගුවට ගත් නිලධාරීන් කණ්ඩායම අගයමින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා විසින් ත්‍යාග මුදලක් පිරිනමන ලදී.

ඒ අනුව ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක පුලස්ති ද සොයිසා, අපරාධ අංශයේ ස්ථානාධිපති ආනන්නද මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් වහාම ක්‍රියාත්මක වි පැය කිහිපයක් තුල සොරාගාන්නා ලද සියළුම දේපල සමග අදාල සැකකරු අත් අඩංගුවට ගෙන කරන ලද රාජකාරිය වෙනුවෙන් ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා විසින් එම ක්‍රියාව අගයමින් එම නිලධාරින් කණ්ඩායමට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල් පිරිනමනු ලැබිය

Werzuo Digital

Leave a Reply