ගාල්ලේ කෝටියකට අධික භාණ්ඩ සොරකම් කල සැකකරුවෙකු අත් අඩංගුවට

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ ප්‍රදර්ශණාගාරයක් බිඳ රුපියල් එක් කෝටි දස ලක්ෂ අනු දෙදහසක් පමණ වටිනා ජංගම දුරකතන පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණ තොගයක් සොරකම් කරන ලද සැකකරුවෙකු පැය කිහිපයක් ඇතුලත සොරකම් කරන ලද සියලුම භාණ්ඩද සමග අද (20) සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අංඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොල්වත්තේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකි.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේ වෙළඳ සලක් බිඳ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඊයේ (19) ඇප ලබා පැමිණ දුම්රියෙන් වැලිගමට යන අතරතුර ගාල්ලේ දී බැස අද අළුයම ප්‍රදර්ශනාගාරය බිඳ මෙම සොරකම සිදුකර තිබේ.

පසුව සැකකරු මාතර බලායන දුම්රියෙන් වැලිගමට ගොස් බෑගය පාලු නිවසක සඟවා නිවසට ගොස් ඇත. මේ සම්බන්ධ පැමිණිල්ල ලැබිමෙන් පසු වහා ක්‍රියාත්මක වු ගාල්ල පොලිස් අපරාධ විමර්ශණ අංශය පැය කිහිපයක් ඇතුළත සැකකරු සමග භාණඩ තොගය අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට (21) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය

Werzuo Digital

One thought on “ගාල්ලේ කෝටියකට අධික භාණ්ඩ සොරකම් කල සැකකරුවෙකු අත් අඩංගුවට

Leave a Reply