කුඩා දරුවෙකු ඝාතනය කල අයෙකු අත් අඩංගුවට

සිය මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් කුඩා දරුවකු අද (13) අලුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර තිබෙන්නේ ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි දරුවෙකි

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරු ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply