2009 වසරේ ජනවාරි 01 වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්වැටි මිලදි ගැනිම තහනම් කරමින් සකස් කළ නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිමත් සමග ලොව දුම් වැටි සම්බන්ධයෙන් දැඩි නීතියක් සම්මත වන පළමු රට බවට නවසීලන්තය පත්විය
2025 දී නවසීලන්තය දුම්වැටිවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ගේ රජය මේ අයුරින් නව නීති සකස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව නීතිය මගින් දුම්කොළ අලෙවි කිරීමට අවසර දී ඇති සිල්ලර වෙළෙන්දන්ගේ සංඛ්‍යාව 6,000 සිට 600 දක්වා අඩු කරන අතර අවසර දී දුම්කොලවල ඇති නිකොටින් ප්‍රමාණය අඩු කිරිමට නියමිතය.
මෙම නීතිය වෙනස් කිරීම සෞඛ්‍ය ආයතන කිහිපයක් විසින් සිය ප්‍රසාදය පලකර තිබේ. නව නීතිය සෞඛ්‍ය සහ ප්‍රජා සංවිධාන විසින් දශක ගනනාවක් තිස්සේ දැඩි ලෙස සටන් කළ ප්‍රශ්නයක් බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.