ගම්වදින නරි රංචුවක් හේතුවෙන් යක්කල නරි බියක්

හිවල් භීතියක් හේතුවෙන් යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශවාසීන් මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ අනුව මෙලෙස ගම්වදින හිවලුන් හේතුවෙන් යක්කල හෙට්ටියාදෙනිය, මිරිස්වත්ත, හංසගිරිය ආදී ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට මාස කිහිපයක සිට අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතී.  
 
ප්‍රදේශයේ වගානොකළ කුඹුරු යායකට යාබදව පිහිටි කැලෑබද පරිසරයක සිට මෙම හිවලුන් ගම්මානයට පැමිණෙන බව ගම්වාසීන් පවසයි.

හිවල් භීතිය නිසා දිනපතා උදෑසන ප්‍රදේශයේ දරුවන්ට පාසල් හා ප්‍රදේශවාසීන්ට රැකියාවලට යාමටත් සිදුව ඇත්තේ රතිඤ්ඤා දල්වමින් හිවලුන් පලවා හරිමින් බව ප්‍රදෙශවාසින් පවසයි.

මෙම ගැටලුවට කඩිනමික් විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Werzuo Digital

Leave a Reply