මාතර පොල්හේන මුහුදේ සැරිසරන දැවැන්ත කිඹුලන් දෙදෙනෙකු හේතුවෙන් අවට ජනතාව බියට පත්ව තිබෙන බව වාර්තාවේ.
මෙම කිඹුලන් සැරිසැරිම හේතුවෙන් පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිසිය අද (04) පෙරවරුවේ සංචාරකයන්ට දැනුම් දී තිබේ.
දැවැන්ත කිඹුලන් දෙදෙනෙකු පොල්හේන මුහුදු තීරයේ ගල් තලාවක් අසල රැදී සිටින අයුරු ප්‍රදේශවාසීන් හා පොලීසිය දැක තිබෙන අතර ඒ අනුව සති අන්තයේ පොල්හේන මුහුදු තීරයේ දිය නෑමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකට ආපසු හැරී යාමට සිදුව තිබේ