පාසල නිම වී නිවස බලා යමින් සිටිය දී සිසුවියකගේ ඇගට ඊයේ (31) වල් ඌරෙකු පැන සිදු වූ අනතුරකින් එම සිසුවිය තුවාල ලබා රක්වාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ
මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ රක්වාන ප්‍රදේශයේ පාසලක හතර වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවකි.
ඊයේ පස්වරුවේ පාසල නිම වී රක්වාන උඩහවීදිය ප්‍රධාන මාර්ගයේ මීටර සියයක් පමණ දුරක් තම දියණිය සමග පාගමනින් ඇවිද යන අතරතුර විශාල වල් ඌරෙකු තම දියණිය පෙරළාගෙන දිව ගිය බව දැරියගේ මව පවසයි.
වල් ඌරා ඇඟේ ගැටීමෙන් දැරියගේ හිස මාර්ගයේ වැදී ඇති බවත් මෙම සිදුවීමෙන් දැරිය දැඩි ලෙස බිය දහ කම්පනයට පත්ව තිබෙන බව ඇගේ මව පවසයි.
දැරියට බාහිර තුවාල නැතත් හිසට යම් හානියක් සිදුවී ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා ඇයට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පවසයි.