දකුණු කොරියාවට යවන්න තැපෑලට ගෙන ආ පාර්සලයේ මත්ද්‍රව්‍ය

දකුණු කොරියාවට ගුවන් මගින් යැවිම සඳහා බාරදෙන ලද සෝයා මිට් පාර්සලයක තිබි ඈෂ් නමැති මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයේ රේගු නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

දකුණු කොරියාවේ පුද්ගලයෙකුට යැවිම සඳහා ඉකුත් (25) වනදා විදේශ පාර්සල් අංශයට පුද්ගලයෙකු විසින් පාර්සලයක් ගෙනැවිත් ඇති අතර රේගු නිලධාරින් විසින් එය පරික්ෂාකර බලා ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව වාර්තාවේ.

පසුව ගෙන ආ පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම මත්ද්‍රව්‍ය ගුලි හමුව තිබෙන අතර එය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාරදීමට නියමිතව තිබින.

Werzuo Digital

Leave a Reply