හික්කඩුව මුහුදෙන් යතුරුපැදියක් ගොඩගනි

හික්කඩුව, වැරල්ලාන පාලම අසල මුහුදේ තිබී අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඊයේ (19) රාත්‍රීයේ සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ ඊයේ පස්වරුවේ දිය නාමින් සිටි අයෙකු මෙම යතුරුපැදිය දැක ප්‍රදේශවාසීන්ට පවසා ඇති අතර පසුව ඔවුන් පොලිසිය දැනුවත් කර තිබේ.

මාස ගණනාවකට පමණ පෙර මෙම යතුරුපැදිය මුහුදට දමා ඇති බව සැක කරන බවත්  මෙම යතුරුපැදිය යම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ එකක් ද යන්න වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply