ඇමරිකාවේ සමලිංගික සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 05 මරුට

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 05 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි තැබු යැයි සැකකරෙන පුද්ගලයා එහිදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවත් කොලරාඩෝ පොලිසිය උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සිදු කිරීමට හේතුව අනාවරණය වි නොමැති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply