ගාල්ලේ කුඩා දරුවන් අතර ක්ෂය රෝගය පැතිරීමේ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ බාල වයස්කාර ළමයින් අතර ක්ෂය රෝගය පැතිර යාමේ අවදානමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ක්ෂය රෝග මර්ධන නිලධාරි වෛද්‍ය එම්.සි.මුහුන්දන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාලලේ පැවති වැඩ සටහනකදිය. එහිදි ඒ මහතා මෙසේ කිය

”ගාල්ල දිස්ත්‍රික්කයේ ක්ෂය රෝගින්ගේ වැඩි විමක් වාර්තා වෙනවා. එම පිරිස අතර අවුරුදු පහළොවට අඩු ළමයින්ද සිටිම බරපතල තත්වයක්.ප සුගිය වසරේ දිස්ත්‍රික්කයෙන් රෝගින් වාර්තා වි ඇත්තේ 386. නමුත් මෙම වසරේ ගතවු මාස දහයට පමණක් රෝගින් 388ක් වාර්තාවි තිබෙනවා.

ගිය වසරේ හඳුනාගත් රෝගින්ගෙන් විසි හතක් ළමයින් වන අතර මෙම වසරේ මාස දහයට හඳුනාගත් රෝගින් අතර ළමයින් 20ක් සිටිනවා. කෙසේ නමුත් රෝගින් හඳුනාගත් වහාම අපි ඔවුනට ප්‍රතිකාර ආරම්භ කරනවා.අඩුම තරමින් මාස හයක් නොකඩවා බෙහෙත් පාවිච්චි කල යුතුයි. සමහර රෝගින් නිසි ලෙස බෙහෙත් පාවිච්චි නොකරන අවස්ථාද වාරතා වෙනවා. එනිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ හෝ වෙනත් සෞඛ්‍ය නිලධාරියෙකුගේ සෘජු අධික්ෂණය යටතේ බෙහෙත් ලබා දිමට කටයුතු කරනවා.

රෝගින් සිටින පවුල්වල හෝ ගම්මානවල සැක සහිත පුද්ගලයින්ට පැමිණ සෙම් පටල සහ රුධිර පරික්ෂා කර ගැනිමට රෝහල් කිහිපයක් සුදානම් කර තිබෙනවා. ඇල්පිටිය, බලපිටිය, අම්බලන්ගොඩ, උණවටුන, ඉමදුව සහ හබරාදුව රෝහල්වලට පැමිණ එම පරික්ෂණ කරවා ගැනිමට පුලුවනි. එයට අමතරව  ඇල්පිටිය සහ උඩුගම රෝහල්වලින් එක්ස්රේ ලබා ගැනිමටත් පුලුවනි.

මෙම රෝගය සෑදෙන අයගෙන් සියයට හයක පමණ සංඛ්‍යාවක් මියයනවා.නමුත් නියමිත පරිදි බෙහෙත් පාවිච්චි කලොත් රෝගය සුව කර ගැනිමට පුලුවනි. 2020 වසරේ හඳුනාගත් රෝගින්ගෙන් සියයට අසු පහක්ම මේ වනවිට සුවය ලබා තිබෙනවා. විශේෂයෙන්ම එච්.අයි.වි.ආසාදිතයින් සිටින පවුල්වල අයටත් මත් ද්‍රව්‍ය භාවිත කරන අයටත් ඒ වගේම මෙම රෝගය වැළඳි සිටින අයගේ පවුල්වල සාමාජිකයින්ට සහ ආශ්‍රිතයින්ට රෝගය වැළඳිමට තිබෙන ප්‍රවණතාවය වැඩියි.” 

Werzuo Digital

Leave a Reply