මාලදිවයිනේ ගින්නකින් විදේශිකයන් 10 දෙනෙකු මරුට

මාලදිවයිනේ මාලේ අගනුවර වාහන අලුත්වැඩියා කරන ගරාජයක ඊයේ (10) හටගත් ගින්නට හසුවීමෙන් 10 දෙනකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මියගිය අය අතර 9 දෙනකු ඉන්දියානු ජාතිකයන් වන අතර අනෙක් පුද්ගලයා බංග්ලාදේශ ජාතිකයෙකි.

ගරාජය පිහිටි ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත අතර වාහන අලුත්වැඩියා කටයුතු සිදුකරන පහළ මහලේ ගින්න හටගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

ඉන්පසු ගින්න වේගයෙන් උඩු මහලට පැතිර ගොස් ඇති අතර උඩු මහලේ ගින්නට කොටුවුණු සේවකයන් පිරිසක් මෙලෙස ගින්නට හසුව මියගොස් ඇති අතර ඔවුන්ට පිටවීමට හැකියාවක් ලැබී ඇති බවද එම වාර්තා සඳහන් කළේ ය

ගරාජයේ තිබු ඉන්ධන, තෙල් සහ වෙනත් රසායන ද්‍රව්‍ය හේතුවෙන් ගින්න පාලනය කිරීම අසීරු කටයුත්තක් වූ බවද මාලදිවයින මාධ්‍ය වාර්තා කර තිබේ.

ගින්න නිවා දැමීමට පැය 5 කට වඩා ගත්ත වී ඇති අතර පසුව පිළිස්සී ගිය මළ සිරුරු උඩු මහලෙන් හමුව තිබේ.

Werzuo Digital

Leave a Reply