රිය අනතුරකට පත් පාසල් සිසුවාට කැත වැඩක් කල රියදුරු අත් අඩංගුවට

පාසල් සිසුවෙකුව අනතුරට පත්කර තුවාල ලැබු පාසල් සිසුවා ත්‍රීරෝද රථයේම නංවාගෙන ගොස් අතරමඟ දමාගිය ත්‍රිරෝද රථ රියදුරෙක් සහ ත්‍රීරෝද රථය ඊයේ (25) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

CCTV දර්ශන භාවිත කර අදාළ සැකකරුව හඳුනාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ඉකුත් 22 වනදා ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට පැමිණ ආපසු නිවස කරා යෑමට ගිනිගත්හේන නගර මධ්‍යයේ කහ ඉර සිමාවෙන් මාර්ගය හරහා යෑමට උත්සාහ කිරීමේදි හැටන් සිට යටියන්තොට දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක සිසුවා ගැටි තුවාල ලබා තිබුණි.

තුවාල ලැබු සිසුවා ගිනිගත්හේන රෝහල වෙත රැගෙන යන බව පවසා එම ත්‍රීරෝද රථ රියදුරා පාසල් සිසුවාව ත්‍රීරෝද රථයට නංවාගෙන රැගෙන ගොස් ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදි ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවසා රුපියල් 500 මුදලක් ලබාදී සිසුවාව ප්‍රධාන මාර්ගය අසල දමාගොස් ඇති බව වාර්තාවේ.

තුවාල ලබා ප්‍රධාන මාර්ගය අසල වැටි සිටි පාසල් සිසුවාව ප්‍රදේශවාසින් එක්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත.

අදාළ ත්‍රීරෝද රථය සහ එහි රියදුරාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත තිබිණ.

Werzuo Digital

Leave a Reply