නුවරඑළිය නගරයේ ත්‍රීරෝද රථයක් ගිනි ගනි

පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25) පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රි රෝද රථයට ඉන්ධන ලබා ගෙන නිවස බලා යන අවස්ථාවේ ත්‍රි රෝද රථය බස් නැවතුම් පලට යාබදව පිහිටි නගර සභා පුස්තකාලය අසලදි ත්‍රි රෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ථ වු අවස්ථාවේ ඒ අසල පිහිටි වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත්ව තිබේ.

ත්‍රීරෝද රථයේ තිදෙනකු ගමන් කර ඇති අතර ගින්නෙන් එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply