මහනුවර වරාතැන්නදී සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටී ඉන් එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහනුවර ප්රධාන පාසල උසස් පෙළ සිසුවකු බවත් බේරාගෙන ඇත්තේ ගන්නොරුව ප්රදේශයේ පාසලක සිසුවකු බවද පොලිසිය පවසයි.
සිසුන් පිරිසක් වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටියදි ඔවුන් අතුරින් මෙම සිසුන් දෙදෙනා වැටි ඇති බවත් පොලිසිය පවසයි.
එක් සිසුවකු මහවැලි ගඟට ඇද වැටෙද්දී ඔහු බේරා ගැනීමට තවත් සිසුවෙකු පැන ඇති අතර දෙදෙනාම ගසාගෙන යද්දී එක් සිසුවකු පමණක් ගඟ මැද තිබූ ගල් පරයක එල්ලී තිබේ. පසුව මහනුවර පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් පැමිණි එම සිසුවා බේරාගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.
අතුරුදන් සිසුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.