අම්බලන්ගොඩ වෙරළ තීරයෙන් අද (20) සවස දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුවකු අතුරුදහන්වී ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ග්රාමීය විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවත් අතුරුදන් අනෙක් සිසුවාද එම පාසලේම 10 වසරේ සිසුවෙකු බවද පොලිසිය පවසයි.
මිය ගිය සිසුවාගේ සිරුර බලපිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අතුරුදහන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.