යතුරුපැදිය පෙරළී කොල්ලය වරදී

කාන්තාවන් බියවද්දා ඔවුන් සතු වටිනා රන්භාණ්ඩ මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමකට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනකු ගොතටුව IDH ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගොතටුව පොලිසිය වෙත පෙරේදා (11) භාරදී ඇත.

IDH මංසන්ධියේ ස්ථාපිත කර තිබෙන රජයේ බැංකුවකට අයත් මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයකින් මුදල් ලබාගත් කාන්තාවක් පසුපස යතුරුපැදියකින් ලුහුබැඳ පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු ඇය සතු මුදල් බහා තිබූ අත් බෑගය කොල්ලකෑමට උත්සාහ දරා ඇත. එහිදී එම කාන්තාව ඔවුන් සමඟ පොර බදා ඇති අතර අවට ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණි බැවින් කොල්ලකරුවන් දෙදෙනා නැවත යතුරුපැදියට නැඟ පලායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී එක්වරම යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී ඇති අතර වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අදාළ කොල්ලකරුවන් අල්ලා ගෙන ඇත. පසුව කොල්ලකරුවන් දෙදෙනා මාර්ගයේ ලයිට් කණුවක ගැටගසා අංක තහඩුද නොමැති යතුරුපැදිය තම භාරයට ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගොතටුව පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මව්බිම

Werzuo Digital

Leave a Reply