ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනට දකුණු සහ ගිණිකාන දෙසින් වන
මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු
පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල,
හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අද (13) අලුයම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය විසින් මේ බව පැවසීය.


ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි
අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය
ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 පමණ ඉහළ
යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ
ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතීන බවත් එම මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයේ සදහන්ය.


ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික
කටයුතුවල යෙදීමේදී මේ පිලිබදව
අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

Werzuo Digital

Leave a Reply