අධිවේගී මාර්ගයේදී අනතුරකින් කාන්තාවක් මියගොස් 06කට තුවාල

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද (10) අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් හය දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි වෑන් රථයක , කහතුඩුව ප්‍රදේශයේ සිට කටුනායක දෙසට යමින් සිටි ජීප් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

අනතුරින් මිය මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන පදිංච 56 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පවසයි.

අතුරුගිරිය පිවිසුම පසු කොට කිලෝමීටර් 3.9 සහ කිලෝමීටර් 4.1 අතර ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ජීප් රථයක් , වෑන් රථයේ දකුණු පස බදෙහි ගැටී අනතුරක් සිදුව ඇති බවත් අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් පස්දෙනකු සහ ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කල බවද පොලිසිය පවසයි..

Werzuo Digital

Leave a Reply