දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – දෙවට පිවිසුම් මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 67 හැවිරිදි දොරපේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි
ඊයේ (13) පෙරවරුවේ දී මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලිකණුවක ගැටී අනතුර සිදුව තිබෙන බවද පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ පුත්‍රයා විසින් මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.