ඇතෙක් – අලි දෙදෙනෙක් අනවසර විදුලි රැහැනට බිලි

අනවසර විදුලි රැහැනක ගැටුණු ඇතකු සහ වල් අලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනුරාධපුර සහකාර වනජීවි කාර්යාලය පවසයි.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුක්කුලමේ පෞද්ගලික ඉඩම් හිමියකු තම ඉඩම වටා ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මෙම ඇතා සහ අලින් දෙදෙනා මියගොස් ඇති බව අනාවරණය වි ඇත

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවී කාර්යාලය පවසයි.

Werzuo Digital

Leave a Reply