කොටවිල ප්‍රදේශයේ ඉඩමක ගසක්මුල තිබි අත් බෝම්බ දෙකක් අද (12) දහවල් සොයාගත් බව කොටවිල පොලිසිය පවසයි.
මෙම බෝම්බ දෙක කලක් තිස්සේ මෙම ස්ථානයේ තිබෙන්නට ඇතැයි සැක කරන අතර ඒවායේ වර්ගයද හඳුනාගත නොහැකි බව පොලිසිය පවසයි.
මෙම ඉඩමේ කිසිවෙකු පදිංචි නැති අතර පොලිසිය විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමට නියමිතය.