මුහුද මැද හදිසි අනතුරකින් ධීවරයෙකු මරුට – නාවික හමුදා සහායෙන් යාත්‍රාව ගාල්ලට

ගාල්ලේ සිට නාවික සැතපුම් 68 ක් පමණ (කිලෝ මීටර් 125 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (11) රාත්‍රියේ ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

බේරුවල ධීවර වරායෙන් ඉකුත් 07 වන දින ධීවර කටයුතු සඳහා ධිවරයන් පස්දෙනෙකු (5) සමග පිටත්ව ගොස් තිබූ බහු දින ධීවර යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුහුදේ දී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මියයාම නිසා එම යාත්‍රාව නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී, යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව අතරමංව ඇති බවට නාවික හමුදාවට දැනුම් දි ඇත

ඒ අනුව, හමුදාවේ නෞකාවක් මගින් එම ධිවර යාත්‍රාව එහි නිරුපද්‍රිතව සිටි ධීවරයන් හතර දෙනෙකු (4) සමග ගොඩබිමට රැගෙන පැමිණ ඇත, මියගිය ධීවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර කරාපිටිය රෝහල වෙත භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply