ජපානයේ පැවැති 29 වැනි ඉනෝ හිකිරායි (IE-NO-HIKARI) ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගය සඳහා සහභාගි වූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පස් දෙනකුට රන් සම්මාන දෙකක් සහ ගෞරව සම්මාන තුනක් හිමිව ඇත.
එම සම්මාන පිරිනැමීම උණවටුන ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍රයේදී එහි අධ්යක්ෂ විශ්‍රාමික චිත්රකලා උපදේශක කේ.ඩී.එච්. පියසේන ද සිල්වා මහතා විසින් පෙරේදා (12) සිදු කරන ලදී.
ගාල්ල අනුලා දේවි බාලිකා විදුහලේ පළමු වසරේ වොසඳි යුගන්දරා සිසුවිය සහ නිට්ටඹුව සංඝබෝධි විදුහලේ 10 වන වසරේ ජී.ඒ. දසිත් දම්සර සිසුවා රන් සම්මාන දිනාගෙන ඇත.
දික්වැල්ල කුමාරතුංග මුනිදාස මහ විදුහලේ 04 වැනි වසරේ ඒ.එච්. සිනෙත්මා සහන්සනී, වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ 07 වසරේ දිනුක තත්සර ඇන්තනි සහ කොළඹ මහානාම විදුහලේ 08 වසරේ රිතික රන්සත් එගොඩවත්ත යන සිසු සිසුවියන් ගෞරව සම්මාන දිනාගෙන ඇත.
මෙම සිසු සිසුවියන් පියසේන ද සිල්වා මහතාගේ දැනුවත් කිරීම පරිදි උණවටුන ශ්‍රී ලංකා ළමා චිත්රකලා කේන්ද්‍රයට එවන ලද චිත්‍ර ඒ මහතා විසින් ජපානයේ චිත්‍ර තරගයට ඉදිරිපත් කර ඇත. ලෝකයේ රටවල් පනහක සිසු සිසුවියන් මෙම චිත්‍ර තරගයට සහභාගි වී ඇත.
මෙයට පෙර පෝලන්තය සහ ඉන්දියාවේ පැවැති චිත්‍ර තරගවලින්ද ලාංකික සිසුන් රැසකට සම්මාන ලබාගැනීමට හැකිවූ බව පියසේන ද සිල්වා පැවැසීය. වෙනත් වසරවලදී මෙම චිත්‍ර තරගයෙන් ජයග්‍රහණ ලබාගත් සිසු සිසුවියන් ජපානයට කැඳවාගෙන ගොස් සම්මාන ලබාදුන්නත් පසුගිය කාලයේ පැවැති කොවිඩ් තත්ත්වය නිසා මෙවර එසේ කැඳවීමක් නොකර සම්මාන එවා ඇති බවද හෙතෙම පැවැසීය.