එප්පාවල නිවසක් තුළ අමානුෂික ද්විත්ව ඝාතනයක්

එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ නිවසක් තුළ අමානුෂික අයුරින් කපා කොටා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල ඇඳගල මංසන්ධියේ පිහිටි දෙමහල් නිවසක් තුළයි මෙම පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇති අතර මුහුණට මිරිස් කුඩු ගසා තියුණු ආයුධ වලින් කපා කොටා මෙම ඝාතනයන් සිදු කර ඇති බව වාර්තාවේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ එප්පාවල ඇඳගල පදිංචි 31 හැවිරිදි තරුණයකු හා 46 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරකු බවද පොලිසිය පවසයි.

මරණකරුවන් දෙදෙනාගෙන් අයෙකු නිවසේ හිමිකරු වන අතර අනෙකා ඔහුගේ මිතුරෙක් බවත් මෙලෙස ඝාතනයට ලක් වූ තැනැත්තන් ඊයේ රාත්‍රියේ මත්පැන් භාවිත කර සිටි බව ද පොලීසිය පවසයි.

එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply