ගෙදරට භූමිතෙල් ගෙන්න යද්දි අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

භූමිතෙල් ලබාගැනීමට ඇලහැර ඉන්ධන පිරවුම්හලට යමින් සිටි මවකට සහ පුතෙකුට පසුගිය සෙනසුරාදා (4) අලුයම මොරගහකන්ද ප්‍රදේශයේ දී අලියෙකු පහරදීමෙන් පුතා මියගොස් ඇතැයි නාඋල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාදියාවල පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි

ඇලහැර ප්‍රදේශයට භූමිතෙල් ලබා ගැනීම සඳහා අලුයම් කාලයේදී ගමන්ගත් මොවුන්ට මොරගහකන්ද ප්‍රදේශයේ මුරුංගත්තාවල ප්‍රදේශයම පහරදීම සිදුව ඇතැයි පොලිසිය පවසයි

එම අවස්ථාවේ මාර්ගය වෑන් රථයකින් ගමන් කරමින් සිටි අඹන ශ්‍රී ගංගාරාම විහාරාධිපති කඹරව විජිතරතන හිමියන් ඇතුළු පිරිසක් මහමග වැටී සිටින දෙදෙනකු දැක රථය නවතා තුවාල ලබා සිටි දෙදෙනා බකමූණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවද පොලිසිය පවසයි.

තුවාලකරුවන් රෝහලට රැගෙන යන අතරතුරදී ඔවුන් හොඳින් කතා කළ බවත් අලුයම් කාලයේ දී භූමිතෙල් ලබා ගැනීම සඳහා ඇලහැර ඉන්ධන පිරවුම්හලට යමින් සිටි බවත් එහිදී අලි අලියකුගේ පහරදීමට ලක්වූ බවත් ඔවුන් ප්‍රකාශ කළ බව හිමියන් පවසයි.

තුවාලකරුවන් වෑන් රථයෙන් රෝහලට ගෙන යන අතරතුර 1990 ගිලන් රථය පැමිණ සිය රටේ මාරුකර රෝහල වෙත ගෙන ගිය බවත් කඹරව විජිතරතන හිමියන් පැවසීය.

බකමූණ රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් දෙදෙනා පොළොන්නරුව රෝහලට මාරු කර යවා සිටියදී පුද්ගලයා මියගොස් ඇති අතර මව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව නාඋල පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Werzuo Digital

Leave a Reply