විවිධ කටකතා හේතුවෙන් ගාල්ලේ බූස්ටර් එන්නත ලබාගැනිමේ සිඝ්‍ර අඩුවක්

පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවු වසරක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ සියයට තිස් හතරක් බවත් එය ඉතා අවම ප්‍රමාණයක් බවත් එනිසා බුස්ටර් එන්නත ලබා නොගතහොත් ඉදිරි මාස දෙක තුන තුල යලිත් අවදානම් තත්වයක් ඇතිවනු ඇති බවත් මෙවර පැවති  ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල එරංග චන්ද්‍රසිරි මහතා පැවසිය.
පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා ෆයිසර් බුස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 268851ක් වන අතර එය පළමු සහ දෙවන මාත්‍රා ලබාගත් සංඛ්‍යාවෙන් සියයට තිස් හතරක ප්‍රමාණයකි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ පළමු එන්නත මාස දෙක තුනක් ඇතුලත අක්‍රිය වන නිසා බුස්ටර් එන්නත විද ගතයුතු බවය. බුස්ටර් එන්නත වසරක පමණ කාලයක් ප්‍රතිදේහ වර්ධනයට බලපාන බවත් එසේ නොවුන හොත් ඉදිරි මාස දෙක තුන ඇතුලත බරපතල අවදානම් තත්වයක් මතුවිය හැකි බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සහ විවිධ කට කතා නිසා මේ තත්වය ඇතිවි තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය  ළමයින්ටද මාත්‍රා දෙකම සහ බුස්ටර් එන්නත ලබාදිම නිර්දේශ කර ඇති බවත් ඕස්ට්‍රේලියාව අවුරුදු පහට වැඩි ළමයින්ට පවා එන්නත් ලබාදිම සිදු කරන බවත් වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පැවසිය
Werzuo Digital

Leave a Reply