හික්කඩුව මුහුදේ කිමිදිමෙන් පසු අවපීඩන තත්වයට පත් ජර්මන් තරුණියට නාවික හමුදාවෙන් ප්‍රතිකාර (PHOTOS)

ගාල්ල, හික්කඩුව මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති අවපීඩන රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 23ක් වන ජර්මන් ජාතික සංචාරක කිමිදුම්කාරියකට ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව ක්‍රියා කර තිබේ.
පසුගිය 28 වනදා හික්කඩුව මුහුදේ කිමිදිමෙන් පසු මෙම අවපීඩන තත්වයට මුහුණදුන් මෙම තරුණිය නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහලට ඇතුලත් කර එහි කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
පසුව පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එම සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊයේ (29) එම කාන්තාව සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව පැවසීය.
Werzuo Digital

Leave a Reply