දකුණු පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.2 ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූමිකම්පාව පොළොවේ සිට කිලෝමීටර් 78 ක ගැඹුරින් හටගෙන හට ගෙන ඇති බවද එම ආයතනය පැවසීය.
එරට වේලාවෙන් පස්වරු 4:13 ට පමණ මෙම භූමිකම්පාව හට ගෙන ඇති බවත් ඒ හේතුවෙන් දකුණු පිලිපීන ඇතුළු ප්‍රදේශ රැසක් හෙල්ලී ගිය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය
කෙසේ වෙතත් මේ භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් පිළිබඳව හෝ සිදු වූ හානි පිළිබඳව වාර්තා ලැබී නොමැති බව ද බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.