නේපාලයේ අද (03) පස්වරුවේ මිට සුළු මොහතකට පමණ පෙර ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව ඉන්දීය භූ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ලෙස මම භූමිකම්පාව සටහන් වී ඇති බවත් එම කම්පාවට පෙර රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 4.6 කම්පනයක් සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය පැවසීය.
කෙසේවෙතත් මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.7 ලෙස සටහන් වී ඇති බව ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
මෙම ප්‍රබල භුචලනය නේපාලයේ Dipayal, Sudurpashchim Pradesh හි පොළොවේ සිට කිලෝමිටර් දහයක ගැඹුරින් සිදුව ඇති බවත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය
ඉන්දියාවේ දිල්ලි අගනුවර, උතුරු ඉන්දියාවේ උත්තර්කන්ද්, ලක්නව් ඇතුළු ප්‍රදේශ රැසක් හෙල්ලි ගිය බවත් ඒ හේතුවෙන් ගොඩනැගිලිවලි සහ නිවාසවල සිටි පිරිස් ආරක්ෂිතව එළිමහනට පැමිණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් මින් සිදු වූ හානි පිළිබඳ තවමත් නිල වාර්තා ලැබී නොමැති අතර භූ චලනයෙන් දේපල ජීවිත හානි සිදුවන්නට ඇති බව අනුමාන කරන බව නේපාල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය