දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරයි දුම්රිය ස්ථානයේ නවතා තිබු දුම්රියක අද (26) හටගත් ගින්නකින් මැදිරි කීපයක් ගිනිගෙන සිදුවු අනතුරකින් 10 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම දුම්රියේ මුදල් ගෙවා වෙන් කළ මැදිරියක ගින්න හටගෙන තිබේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට දින 10 කට පෙර මෙම දුම්රියේ වන්දනා නඩයක් පැමිණ තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.
මෙම මැදිරියේ මඟීන් 55 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 8 දෙනෙකු සිට තිබෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.
මොවුන් රහසේ ගෑස් සිලින්ඩරයක් ද දුම්රිය මැදිරියේ රැගෙනවිත් ඇති අතර ගින්නට හේතුව ඒම ගෑස් සිලින්ඩරය බවත් අලුයම කෝපි සෑදීම සඳහා සූදානම් වූ අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව අනාවරණය වි ඇතැයි මදුරෙයි දිසාපති සංගීතා මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
මේ අතර මෙම අනතුරට එරට දුම්රිය ආරක්ෂක අංශය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව මදුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්කටෙසන් චෝදනා කලේය.
යම් හෙයකින් මෙම මැදිරිය දුම්රිය ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කළේ නම් මෙම අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පැවසීය.