දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර සාගර කලාපයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.7 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

මෙම ප්‍රබ භුචලනය හේතුවෙන් ෆැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට ෆැසිෆික් සුනාමි අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත

මෙම භුචලනය සිදුවු අපකේන්ද්‍රයෙ සිට කිලෝමීටර 1000ක ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.

නිව් කැලිඩෝනියාව මේ වන විට සිය දුපතේ වෙරළබඩ ප්‍රදේශවලින් හදිසි සයිරන් නලා හඬවමින් වහාම ජනතාව ඉවත් කිරිමට පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මැග්නිටියුඩ් 7.7 ප්‍රබල භුචලනයෙන් පසු එම කලාපයේ මැග්නිටියුඩ් 5.0 වැඩි තවත් භුචලන මලාවක් හටගෙන තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply