අභිරහස් ලෙස මියගිය සීල් සත්වයන්ගේ මළ සිරුරු 2500ක් රුසියානු මුහුදු වෙරළකින් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය සීල් සත්වයන් 2500කට වැඩි සංඛ්‍යාවකගේ මළ සිරුරු රුසියානු කැස්පියන් මුහුදේ වෙරළ තීරයකින් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සීල් සතුන්ගේ අභිරහස් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සීල් සතුන් විශාල සංඛ්‍යාවක් එකවර මියගිය සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ සීල් සතුන් 700 ක් පමණක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරන අතර සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) පවසා ඇත්තේ මියගිය සීල් ගණන 2,500 ට වැඩි බවය.

කැස්පියන් මුහුද ආශ්‍රිතව ජීවත් වන එකම ක්ෂීරපායී සත්වයා මෙම සීල් සතුන් සැලකෙන බව සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply