බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට සහ කැමිලා ආර්යාවට බිත්තර ප්‍රහාරයක්

බ්‍රිතාන්‍යයේ තෙවන චාර්ල්ස් රජු සහ ආර්යා කැමිලා පාකර් හට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාජකීය යුවල යෝක්ෂයර්හි සංචාරක නිරතව සිටියදී එහි රැස්ව සිටි පිරිස අතරින් පුද්ගලයෙකු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදි ඔහු විසින් බිත්තර කිහිපයකින් චාල්ස් රජු වෙත ප්‍රහාර එල්ල කළ ද රජුට හෝ ආර්යාවට එම බිත්තර වැඳී නොමැති බව එම වාර්තාවල සඳහන්ය.

“මේ රට වහළුන් හෙලූ ලේ වලින් ගොනැගුනු රටක්” ලෙස පවසමින් අදාළ පුද්ගලයා කෑගසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි බිත්තර ප්‍රහාරය එල්ල කරනු ලැබු පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තා සඳහන් කළේය.

මෙම සිදුවීමෙන් පසුව ද රජු සහ බිසව ද නගර වැසියන් සමග සුහදව කතාබහ කරමින් ඉදිරියට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

One thought on “බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට සහ කැමිලා ආර්යාවට බිත්තර ප්‍රහාරයක්

Leave a Reply